භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව මහාධිකරණයට යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා නීතිපතිවරයා වෙත නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීමට ප්රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි තීරණය කළ විනිසුරුවරයා නඩුව මහාධිකරණයට යොමු කළේය.