මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 32 ක් අද (15දා) පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා හමුවට දිවුරුම් ප්‍රකාශ 32 ක් භාරදෙමින් පවසා සිටියේ මධ්‍යම පළාතේ මහ ඇමති ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිළිණ තෙන්නකෝන් මහතාට භාරදෙන ලෙසයි.
එම දිවුරුම් ප්‍රකාශ සුපරික්ෂාකාරීව පරීක්ෂා කළ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එම දිවුරුම් ප්‍රකාශ පිළිගැනීමට පියවර ගත්තේය.
මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 56 දෙනෙකු සිටින අතර, ඒ අනුව පළාත් සභාවේ බහුතර කැමැත්ත තිළිණ තෙන්නකෝන් මහතාට හිමිව තිබෙන තිබේ. තිළිණ තෙන්නකෝන් මහතා අනිද්දා (17දා) මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.