මද්‍යසාර මිල අඩු කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර විසඳුමක් ලබාගත හැකි බවමල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායකහිමියෝ පැවසූහ.
මහනාහිමියන් මෙසේ පැවසුවේජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය හා මද්‍යසාර හා තොරතුරු මධ්‍යස්ථානය ඇතුළු ජාතික සංඝ සභාවේ නියෝජිත පිරිසක් අද (21දා) මහනාහිමියන් හමුව අයවැය මගින් බියර් මිල අඩු කිරීම සම්බන්ධව ගෙන ඇති තීරණය හේතුවෙන් රට තුළ ඇතිවිය හැකි ගැටලු නිසා ජනතාව අපහසුතාවට පත්වන සැටි සම්බන්ධව නාහිමියන් දැනුවත් කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීය.
රට තුළ ඇති මත්ද්‍රව්‍ය සියල්ලම නැති කර දමනවානම් ඉතා හොඳ බවද මහනාහිමියෝ නියෝජිත පිරිස හමුවේ පැවසූහ.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් එහිදී සඳහන් කළේ අයවැය මගින් බියර් මිල අඩු කිරීමත්,මද්‍යසාර සඳහා නව බලපත්‍ර ලබාදීමත්,දුම්කොළ ආශ්රිත නිෂ්පාදන මෙරටට ගෙනඒමේ යෝජනාත් තුළින් ඉදිරියේදී පාසල් දරුවන් පවා මද්‍යසාරවලට ඇබ්බැහි වීමේ භයානක තත්ත්ව කෙරෙහි යොමු විය හැකි බවයි.
මල්වතු මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව එම නියෝජිත පිරිස මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ද බැහැදැක බියර් හා මත්ද්‍රව්‍ය අඩු කිරීම සම්බන්ධයෙන් අයවැය තුළින් ගෙන ඇති යෝජනා සම්බන්ධ ලියවිල්ලක් නාහිමියන්ට පිළිගැන්වූහ.