මතුගම වැලිපැන්න හෝමාගම ආදී ප්රදේශවලදී ගිනිඅවි පෙන්වා මුදල්, රන්භාණ්ඩ, යතුරුපැදි කොල්ලකෑම් සිදුකළ සැකකරුවන් 05 දෙනෙකු ගිනිඅවි හා කොල්ලකන ලද දේපළ සමග ඊයේ (10දා) කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුහු ඌරගස්මංහන්දිය, හෝමාගම, දර්ගා නගරය යන ප්රදේශවල පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට පත්වූ සැකකරුවන් ළඟ තිබී මෙරට හා විදේශවල නිපදවන ලද ගිනිඅවි, රන් භාණ්ඩ, යතුරුපැදි හා ත්රිරෝද රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද (11) දින මතුගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පැවසීය.