පසුගිය වසරේදී මත්ස්‍ය අපනයනයෙන් හා මුහුදු පැළෑටි අපනයනයෙන් රුපියල් කෝටි තුන්දහස් දෙසිය හතළිස් හතරකට අධික මුදලක් ජාතික ආදායමට එකතු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
2017 වසරේදී මත්ස්‍ය අපනයනයෙන් පමණක් රුපියල් කෝටි දෙදහස් අටසිය හැට අටක මුදලක් උපයාගෙන ඇත.
මීට අමතරව විසිතුරු මසුන් අපනයනයෙන් රුපියල් කෝටි එකසිය හැටහතක මුදලක් උපයාගෙන තිබෙන අතර, මුහුදු පැළෑටි අපනයනයෙන් රුපියල් මිලියන 5.3ක්, කිවුල්දිය ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන එක්දහස් නවසිය තිස් එකක් සහ මිරිදිය ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන එකසිය පනස් හතරක්ද උපයාගෙන ඇත.
මේ අනුව පසුගිය වසරේදී උපයාගෙන තිබෙන මුළු අපනයන ආදායම රුපියල් කෝටි 3244.56කි.