මත්පැන් අලෙවිසැල් සඳහා මින් ඉදිරියට නව බලපත්‍ර ලබා නොදෙන බවත්, තිබෙන බලපත්‍ර කල් ඉකුත්වූ පසු එම අලෙවිසැල්ද වසා දැමීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට රුපියල් බිලියන 142ක මුදලක් හා දුම්බීම හේතුවෙන් රෝගීවන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් බිලියන 72ක් රජය විසින් වාර්ෂිකව වැය කරනු ලබන බවයි. එසේම දුම්බීම හේතුවෙන් සෑම පැයකටම පුද්ගලයන් තිදෙනෙකු මියයන බවද හෙතෙම පෙන්වා දෙයි.