මේ වසරේදී දින 19ක් තුළ මත්පැන් හල් වසා තැබිමට රජය තීරණය කර ඇතැයි සුරා බදු දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව මේ වසරේදී පොහෝ දින 12ට අමතරව නිදහස් දිනය යෙදෙන පෙබරවාරි මස 4 දා, අලුත් අවුරුද්දට පෙර දිනය හා අලුත් අවුරුදු දිනය, වෙසක් දිනට පසු දින, රාමසාන් දිනය, ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනය හා නත්තල් දිනයේදි මත්පැන් හල් වසා දැමිය යුතුය.
මත්පැන් හල්, වයින් අලෙවිසැල්, රෙස්ටුරන්ට්, හෝටල වැනි මත්පැන් අලෙවි කරන සියලු ස්ථාන ඉහත දින වලදි වසා දැමිය යුතුය. එසේම ඉහත දිනවලට අමතරව රජය විසින් මත්පැන් හල් අලෙවි කිරීම තහනම් කරන දිනවලදී මත්පැන් හල් වසා දැමිය යුතු බවද දෙපාර්තමේන්තුව කියයි.
(දර්ශන සංජීව) ඩේලි මිරර් ඇසුරෙනි