මත්පැන් නිශ්පාදන සමාගමක් රජයට ගෙවිය යුතු බදුවලින් රුපියල් කෝටි 300ක මුදලක් ගෙවා නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මේ වන විට සොයා බලමින් සිටින බවද වාර්තා වෙයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී අයවිය යුතු බදු මුදල් ගැන ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප)