ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා රවී කරුණානායක මුදල් ඇමතිවරයාගෙන් විමසූ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයකදී මැතිසභයේදී සුරාව පිළිබඳ සාකච්ඡාවක් ඇතිවිය. එහිදී මුදල් අමාත්‍යවරයා පැවසුවේ 'මත්පැන්' යන පදය භාවිතයට නුසුදුසු බවත්, 'පැන්' යන්න භාවිත කිරීම හේතුවෙන් එය ආගමික මුහුණුවරකට යොමුකරවන බවත්ය.එයින් මත්ද්‍රව්‍ය සඳහා පෙළඹවීමක් ඇතිකරවන බැව්ද ප්‍රකාශ විය. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ මත්පැන් සඳහා විවිධාකාරයේ නම් යෝජනා කෙරුණේ මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශය පරිදිය.