මත්ද්‍රව්‍යවලට ඇබිබැහි වූවන්ට පොදු සමා කාලයක්
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය වීම සඳහා ඉදිරියේදී පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකාය සඳහන් කරයි.එම කාලය තුළදී පුනරුත්ථාපනය නොවන සියලු දෙනාම අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බව එම බළකායේ ව්‍යාපෘති අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර මහතා සඳහන් කළේය.
2020 වසර වනවිට මතින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ යටතේ මෙය සිදුකරන බවද ඔහු පවසා සිටියේය.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 20,000කට අධික ප්‍රමාණයක් මේ වසර තුළදී පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව දැනට රට තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 50,000කට අධික ප්‍රමාණයක් සිටින බවට ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබෙන බවත්, 2020 වසර වනවිට මෙම සියලු දෙනාම පුනරුත්ථාපනය කර අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.සිය කැමැත්තෙන් පුනුරුත්ථාපනය වීම සඳහා පොදු සමා කාලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්, එම කාලය තුළදී අදාළ කටයුතු සිදුනොකරන සියලු දෙනා අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ව්‍යාපෘති අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර මහතා සඳහන් කළේය.
ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය වසරේදී ආරක්ෂක අංශ හා මත්ද්‍රව්‍ය වැටලීම් කරන පිරිස් විසින් කොකේන් කිලෝග්‍රෑම් 1489 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මීට අමතරව හෙරොයින් කිලෝග්‍රෑම් 393 ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 1963 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද අධ්යක්ෂවරයා සඳහන් කළේය.
පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්ද? යන්න විවිධ පිරිස් තුළ සැකයක් ඇති වී තිබෙන බවත්, එහෙත් අදාළ සිද්ධීන් පිළිබඳ තවදුරටත් අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන නිසා ඒවා නඩු භාණ්ඩ වශයෙන් පවතින බවත් ඔහු පවසා සිටියේය.මේ නිසා ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවල සාම්පල් පමණක් තබාගෙන අනෙකුත් කොටස් ප්‍රසිද්ධියේ විනාශ කර දැමීමට අවශ්‍ය නීති සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

