මත්ද්‍රව්‍ය ගැන ජනපතිගේ හෙළිදරව්ව
ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූළව අලෙවි වන අරක්කුවලින් වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ යාපනයේ බවත්, වතුකරයේ පිරිමින්ට වඩා කාන්තාවන් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවී ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.
නුවරඑළිය නව නගර ශාලාවේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ දිස්ත්‍රික් හමුව අමතමින් ඔහු මේ බව අනාවරණය කළ අතර, මෙම හමුව ඊයේ (26දා) පැවැත්විණි.
“ලංකාවේ නීත්‍යනුකූලව විකුණනු ලබන මත් වතුරින් වැඩිම අදායමක් ලැබෙන දිස්ත්‍රික්ක තුන මට කියන්න පුළුවන්.ලංකාවේ ලයිසන් දීලා තියෙන අරක්කුහල්වලින් වැඩිම ආදායමක් ලබාදෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන්. දෙවැනියට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්, තුන්වෙනියට මඩකලපුව දිස්ත්‍රික්කය.මම මේ කියන්නේ කසිප්පු.මත්කුඩු වැනිදේ නොවනීත්යනුකූල දේ ගැනයි. වතුකරයේ තියෙන විශේෂත්වයක් තමයි පිරිමින්ට වැඩිය කාන්තාවන් මත්වතුර භාවිත කරනවා
අපි හැමදෙනාම මේ මත්ද්‍රව්‍යවලට විරුද්ධව කටයුතු කළයුතුයි කියා හිතනවා.ඒත් ආණ්ඩුව කොටසකට අරක්කු,බියර්,විස්කි, විකුණන්න ලයිසන් දෙනවා. සිගරට් විකුණන්න ලයිසන් දෙනවා. තවත් පැත්තකින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ඉවත් කරන්න කියනවා.ඒත් නීත්‍යනුකූලව දෙන මත්ද්‍රව්‍යත්, නීති විරෝධීව දෙන මත්ද්‍රව්‍යත් මිනිසුන්ට විසයි.
මම දන්නවා මේ සම්බන්ධයෙන් දේශපාලනයේ තියෙන සම්බන්ධකම්. මම ඒ ගැන වැඩිය කියන්න යන්නේ නැහැ. එහෙම කළොත් මට ආණ්ඩුව ගෙනියන්න බැරිවෙනවා. ඔබ ගෙදර ගිහින් කණ්ණාඩියක් ඉදිරිපිටට ගිහින් අහන්න මම මේ පිළිබඳව කොයි තරම් දුරට කටයුතු කළයුතුද කියලා. ”
හැටන් චන්ද්‍ර සෙල්ලහේවා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

