ඇන්ටොනොව් වර්ගයේ විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (21දා) අලුයම මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.
යු.ආර්. 820-27 දරණ මෙම ගුවන්යානාව ඇමරිකාවේ සිට මත්තලට පැමිණ ඇති අතර එය අද මධ්‍යම රාත්‍රී 11.35 ට මත්තල සිට ඕස්ටේරලියාව බලා යාමට නියමිතව තිබිණි.
මත්තල ගුවන් ගමන් කාලසටහනට අනුව අද දිනයේදී මත්තලට පැමණීමට නියමිතව තිබුනේ ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් ගුවන් යානයක් පමණි.
මේ පිළිබඳව කළ විමසීමකදී මත්තල ගුවන්තොටුපොළේ උසස් නිලධාරියෙකු මුලින්ම පැවසුවේ එහි කාර්ය මණ්ඩලය 19 දෙනෙකු සිටින බවත් ගුවන් ගමන් භාණ්ඩ තොගයක් රැගෙන යාම සඳහා පැමිණි බවයි.
මෙවැනි යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගුවන් ගමන් භාණ්ඩ රැගෙන යාම සඳහා පැමිණෙන බවත් ඔහු කීවේය.
එහෙත් තවත් නිලධාරියෙක් පැවසුවේ මෙම වර්ගයේ ගුවන්යානයක් මත්තලට පැමිණියේ ප්‍රථම අවස්ථාවට බවයි.
රාහුල් සමන්ත/ අඛිත විජේසිංහ