හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමට අගෝස්තු මාසය වන විට අත්සන් තබන බවත් මත්තල ගුවන් තොටුපොළත් මේ වසර අවසන්වීමට පෙර නව ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
බියගම එජාප බල මණ්ඩල හමුව අරලියගහ මන්දිරයේදී අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එසේම වසර 2020-2025 වන විට ණය බර සම්පූර්ණයෙන් ගෙවා අවසන් කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට මාධ්‍යයට සම්පූර්ණ නිදහස ද ලබාදී ඇති බවත් දේශපාලන නිදහස ද සම්පූර්ණයෙන්ම ලබාදී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.