මේ වසරේ ගතවූ කාලය තුළදී මඩු රක්ෂිතයේ සිදු කරන ලද මහාපරිමාණ දැව ජාවාරම් 108කට සම්බන්ධ සැකකරුවන් 300 කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මඩු අඩවි වන කාර්යලය හා ගනේෂපුරම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධව කළ වැටලීම්වලදී මෙම අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ වැටලීම්වලදී දැව ප්රවාහනය කරන ලද වාහන හා දැව කැපීමට යොදාගත් උපකරණද රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.
ගනේෂපුරම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ඇතුළු එහි නිලධාරීන් හා මන්නාරම් මඩු අඩවි වන නිලධාරී එල්.ඒ.එස්.යාපා මහතාගේ උපදෙස් පරිදි අතිරේක අඩවි වන නිලධාරී කාරියවසම් ඇතුළු එහි නිලධාරීහු පිරිසක් මෙම වැටලීම් සිදු කොට ඇත.