තමන් රුහුණේ පුද්ගලයෙක් බවත්, එහෙයින් ගැමිකම නිසා සිය කොන්ද නවන්න හෝ කඩන්න කාටවත් නොහැකිවූ බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතා පැවසීය.
"සමහර මාධ්‍ය විවිධ දේවල් කියනවා. සත්‍යයෙන් තොර දේවල් ලියනවා. ප්‍රචාරය කරනවා. මමත් ඒකට හොඳ සුදුස්සෙක්. මම තරම් මාධ්‍යයෙන් කරදර වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඉතා සුළු පිරිසක් විතරයි. හැබැයි මම රුහුණේ නිසා ගැමිකම තුරුළු කරගෙන ආපු නිසා මගේ කොන්ද නවන්න කඩන්න කාටවත් බැරිවුණා. ඒක ඉදිරියට වෙන්නෙත් නෑ. කී දේ කරනවා, කළයුතු දේ කියනවා." යැයි අමාත්‍යවරයා පැවැසීය.
මාතර දික්වැල්ල උතුර මහා විද්‍යාලයේ ආදි සිසුන් නවපරපුරට හඳුන්වාදීම සඳහා ඊයේ (26දා) පැවැති උත්සවයක දී ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
"මට මතකයි මම මේ පන්ති කාමරය ළඟ සුමානයකට දවස් දෙක තුනක් දණ ගහන් ඉන්නවා. දඩබ්බර ළමයා තමයි කවදාහරි ඉහළ තලයට යන්නේ. කොල්ලෙක් වුණාම විසේ තියෙන්න ඕන. හැබැයි ඒ විසයට මුවාවෙලා වැරදි පාරෙ යන්න හොඳ නෑ." යැයි ද අමාත්‍යවරයා පැවසීය.