විධායක ජනපති ක්‍රමය රටේ ජනතාව වෙනුවෙන් යොදා ගැනීමේ අයිතිය ජනතාව විසින් තමන්ට ලාබ දුන් බවත් තමන්ගේ අංක එක මවුබිම බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා හංවැල්ලේදී පැවැසීය.
අද (29දා) හංවැල්ලේ පැවැති සන්ධාන රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
"මගේ අංක එක මවුබිම. මේක බෙදන්න දෙන්නේ නෑ. අංක දෙක ජාතික ආරක්ෂාව. රටක හමුදාව බට බරක් නෑ. අපි හැම දෙනෙක්ම බලාගන්නවා. අපි නිදහස් අධ්‍යාපන කප්පාදු කිසිලෙසකින්වත් කප්පාදු කරන්නේ නෑ. මම පොහොර නිකන් දෙනවා. නමුත් මේ ගොවියා පොහොර සහනාධාරය ගැන කියන්නේ නෑ. චන්ද්‍රිකා මැතිණිය අපි එපයි කියද්දී රජයේ දේවල් වික්කා. අපි එකින් එක ගත්තා. වෝටර්ස්එජ් එක වික්කේ පර්චසය රුපියල් 2.00ට දැන් යහපාලනය ගැන කතා කරනවා.
හයිවේ එකක් දැන් යන වියදමෙන් තුනෙන් එකකින් කරන්න පුළුවන් නම් මම මුළු රටටම හයිවේ දානවා. ණය ගන්නවා කිය කිය බණිනවා. මට තීන්දුවක් ගන්න වෙනවා ජනතාව හයිවේ එකේ යවනවද බොරලු පාරේ යවනවද කියලා. විධායක ජනපතික්‍රමය මේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදා ගැනීමේ අයිතිය ජනතාව මට දීලා තියෙනවා. ඒක හින්දා තමයි යුද්දේ ඉවරකළේ. ඔය ප්‍රා නායකයෝ දැන් කතාකරනවා. කොල්ලෝ මරපු හැටි එයාලට අමතක වෙලා. ගඩාෆිට වෙච්ච වැඩේ මහින්ද රාජපක්ෂට කරන්න බලාගෙන ඉන්නවා. මේ රටේ ජනතාව ඉන්නකම් මට එහෙම කරන්න අමාරුයි. " යැයි ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.