තම වසර 61ක ජීවිත කාලයේ වැඩිපුරම කෙස් ගැලවී ගියේ මුදල් ඇමති ධුරයේ වැඩකළ පසුගිය මාස හයක කාලයේ බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසා සිටියේය.
මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් ඊයේ (24දා) මාතරදී ආරම්භ වූ සම්මන්ත්රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. මෙම සම්මන්ත්‍රණය මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා පවසා සිටියේ විවෘත ආර්ථිකය නිසි පරිදි රට තුළ ක්‍රියාත්මක වූයේ වසර දෙකක කාලයක් පමණක් බවත්, යුද්ධයත් සමග රට ආපස්සට ගමන් කිරීම ආරම්භ වූ බවත් ය.
අසූව දශකයේ මුල් කාලය තුළ යුද්ධයත් සමග ආරම්භ වූ ආර්ථික පරිහානිය 2015 වසර දක්වා විවිධ ආකාරයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.