මගී ගුවන් යානයක් ඉරානයේදී අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
කුඩා මගී ගුවන් යානයක් ලෙස සැලකෙන මෙම යානය ඉරානයේ අගනගරය වූ ටෙහෙරාන් හි මෙහෙරාබාද් ගුවන් තොටුපළට ආසන්නව අද උදෑසන කාලයේදී අනතුරට පත්ව තිබේ.
මෙම යානය එරට නැගෙනහිර නගයක් වූ ටබාස් නගරය වෙත ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇත.
පසුගිය කාලය තුළ ගුවන් යානා අනතුරු පිළිබඳව ලොව පුරා බොහෝ කතාබහ ඇති වූ අතර, ඉරානයේද ගුවන් අනතුරු පිළිබඳ නිතර අසන්නට ලැබෙයි.
එහිදී, ගුවන් යානා නඩත්තුව නිසි පරිදි නොකිරීම මෙම අනතුරු රැසකට හේතුව බව විශේෂඥයන් පෙන්වා දෙයි.