පොලීසිය විසින් ක්රියාත්මක කරනු ලබන මංතීරු නීති නිසා සමස්ත බස්හිමියාම අපහසුතාවට පත්ව තිබෙන බැවින් එම නීතිය ලිහිල් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව නීතිය ක්රියාත්මක කිරීම නිසා බස් රථ රියදුරන්ට සහ මගීන්ට විඳින්නට සිදුව තිබෙනා අපහසුතා පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ රථවාහන පොලීසියේ ඉහළ නිලධාරීන් දැනුවත් කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමි සමාගම සම්මේලනය සඳහන් කළේය.
මංතීරු නීතිය ලිහිල් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම මේ මස 08 වැනිදා සිදුකරන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය.