දෙමළ ජනතාවගේ ගැටලු විසදීම සඳහා රජය ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා කළ ප්‍රකාශ පිළිබඳව දෙමළ ජාතික සංධානයේ හා දෙමළ සංවිධානයන්හි සතුටට හේතු වී ඇතැයි හින්දු පුවත් සේවය සඳහන් කරයි.
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ව්‍යවස්ථාව වෙනස්කරමින් සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව අදහස් දක්වන විපක්ෂ නායක හා දෙමළ ජාතික සංධානයේ නායක ආර. සම්බන්ධන් පවසන්නේ දෙමළ ජනතාවගේ ගැටුලු විසඳීම සඳහා රජය නියමිත මාර්ගියට පැමිණ ඇති බවයි.