2014 වසරේදී බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 60ක් වූවා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පැවැසීම සම්පූර්ණ අසත්‍යක් බවත් යහපාලන ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් භාවිතා කොට දේශපාලන බොරු ප්‍රචාර ගෙන යන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කරයි.
ඔහු අද (21දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2014 වසරේදී ලෝක බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 60ක් වූ බවත්, ඒ කාලයේදී ලංකාවේ පෙට්‍රල් මිල ලීටරයට රුපියල් 157ක් වූ බවත්,2018 දී බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 78 ක් වන අතර පෙට්රල්ලීටරය රුපියල් 137 ක් වැනි අඩු මුදලකට යහපාලන ආණ්ඩුව විසින් ජනතාවට ලබාදෙන බව කියමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මෑතක සිට දැන්වීම් පළකරන බවයි.
කෙසේ වෙතත් 2014 වසර පුරා පැවති සාමාන්‍ය බොරතෙල් මිල වූයේ ඇ.ඩො.60 නොව, ඇ.ඩො. 104 බවත් 2014 වසරේ අවසාන මාස තුනේදී බොරතෙල් මිල පහත වැටීමට පටන් ගත් බවත් එම නිවේදනයේ දැක්වෙයි.
.