ගිරිඋල්ල, අතුරුවෙල ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍යයක් අතරතුරදී එහි ළිඳට වැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
උත්සව භූමියේ ලෑලි වලින් වසා තිබූ ළිඳකට එක් පුද්ගලයෙකු වැටී ඇති අතර කඹයක් ආධාරයෙන් ඔහුව බේරා ගැනීම සඳහා උත්සාහ කළ තවත් දෙදෙනෙකු ළිඳට බැස ඇත. පසුව ඔවුන් තිදෙනාම දියේ ගිලී ඇතැයි පොලීසිය කියයි.
ඔවුහු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් මියගොස් ඇත. මහින්ද කරුණාරත්න (31), නිසාල් ප්‍රසාද් (38), ලාල් කුමාර (41) යන දඹදෙනිය පදිංචි පුද්ගලයන් තිදෙනෙක් මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.