භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමට අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහති කටයුතු කර තිබේ.
සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතැළු 13 දෙනකුට එරෙහිව මෙම ඝාතනය සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.
නීතිපති යුවන්ජන් විජේතිලක මහතා කළ ඉල්ලීමක් අනුව මෙම පත්කිරීම සිදුකළේය. විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා පත්කර ඇත. සෙසු විනිසුරුවරුන් වන්නේ පද්මිණී රණවක ගුණතිලක මහත්මිය සහ එම්.සී.බී.එස් මොරායස් මහතායි.