මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙන එක් ප්‍රදේශයක් පමණක් සංවර්ධනය කිරීම රජය හරහා සිදු නොකරන බවත්, සංවර්ධනය රටේ සෑම ප්රදේශයකටම සමබර විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
අද (09දා) පොලොන්නරුවේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය. මැතිවරණයෙන් පසුව රට පුරා දැවැන්ත සංවර්ධනයක් ගෙන යන බවත් ඔහු පැවැසීය.
"කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය මේ රටේ තවත් ශක්තිමත් කරනවා"