ජනතාවට සහන සැලසීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම වී තිබෙන භාණ්ඩ 16න් 06ක මිල නැවත වතාවක් පහත දැමීමට රජය තීරණය කර තිබේ.මේ අනුව 2016 ජූලි 14 වන දින නිකුත් කළ අංක 1975/68 ගැසට් නිවේදනයේ සඳහන් වූ මයිසූර් පරිප්පු කිලෝවක මිල රුපියල් 169 සිට රුපියල් 159 දක්වාත්, රුපියල් 410ක් හා රුපියල් 495ක් වූ හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 405ක් හා රුපියල් 490ක් දක්වාත් පහළ දමා තිබේ. (මෙය ආනයනික හාල්මැස්සන් සඳහා පමණක් ක්රියාත්මක වේ)
මීට අමතරව රුපියල් 220ක් ලෙස පැවති මුංඇට කිලෝවක් රුපියල් 205ක් දක්වාත්, රුපියල් 95ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 93 දක්වාත්, රුපියල් 120ක්ව පැවති අර්තාපල් කිලෝවක් (ආනයනික) රුපියල් 115 දක්වාත් අඩුකර තිබේ.භාණ්ඩ මිල අඩු වීමට අදාළව 2003/44 දරණ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පසුගිය 27 වන දින සිට බලපැවැත්වෙන ආකාරයට නිකුත්කර ඇත.
මෙම මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීම සපුරා තහනම් බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.