කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඉකුත් සමයේදී එකවර නිල නිවාස තුනක් පරිහරණය කර ඇති බව පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති යූ.එල්.ටයිටස් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
නාගරික කොමසාරිස්වරිය එම ධුරය දැරූ සමයේදී සිදුව ඇති මූල්‍ය හා තවත් අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධව කරුණු අනාවරණය වී ඇති බවත්, ඒවා පිළිබඳවද අදාළ අංශවලට පැමිණිලි කරන බවත් පෙරේරා මහතා කියා සිටියේය.