පිරිපහදු කළ ඉන්ධන ගොඩබාන බෝයාව කාර්මික දෝෂයකට ලක්වී දින 23 ක් ගතවී ඇතත් තවමත් එය යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා මෙරටට ගෙන්වූ පිරිපහදු කළ ඉන්ධන නැව් දෙකක් ඩොල්පින් ජැටිය ආසන්නයේ නවතා දමා තිබෙන බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමය සඳහන් කරයි.