ගලිගමුව, බෝයගොඩ ප්රදේශයේදී අද (31දා) උදෑසන පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී තම මව මරා ඝාතනය කර ඇත.
එස්.පී පොඩි නෝනා (86) නමැත්තියක මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද උදෑසන ඇගේ දියණිය සමග පිංදෙණිය පොලීසියට පැමිණිල්ලක් කිරීමට යාමේදී සැකකරු විසින් මවට හා සහෝදරියට තියුණු ආයුධයකින් පහරදී ඇත. එහිදී මව මිය ගොස් ඇති අතර සහෝදරිය තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකාර පුතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. පිංදෙණිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වසන්ත රෝහණ කෑගල්ල