බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ජල ක්‍රීඩාවක
ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රශ්නයට දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරු වතුර ගැසීම හේතුවෙන් අද (15දා) බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ රැස්වීම විනාඩි පහකට කල් තැබීමට එහි සභාපති දිල්රුක් අබේකෝන් මහතා කටයුතු කළේය.
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ඉන්ධන මිල වැඩිවීමට විරෝධය දක්වමින් කළු පටි බැඳගෙන පාපැදිවලින් සභාවට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තණකොළ ගෙන ගොස් දී ඔවුන් පිළිගැනීමට කටයුතු කළහ.
ඉන්ධන මිල පසුගිය ආණ්ඩු කාලයට වඩා තවමත් අඩුවෙන් පවතින බව කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසන්නට වූ අතර සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමලාල් අබේසේකර මහතා ඉන්ධන මිල සම්බන්ධයෙන් ඔවුන් විසින් විසින් සැකසූ පුවරු කිහිපයක් සභාවට ගෙන ඒමත් සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු එම පුවරු මතට ජලය විසිකර දැමීමත් ඒ සමග මන්ත්‍රීවරුන්ට පානය සඳහා තිබූ ජලය එකිනෙකාට දමා ගැසීම හේතුවෙන් සභාව විනාඩි පහකට කල් තැබීමට සභාපති දිල්රුක් අබේකෝන් මහතා කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

