බෝගල පතුළේදී හදිසි අනතුරක් හේතුවෙන් එහි සේවකයෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග මහත්මියට උපදෙස් ලබාදී තිබේ.
ප්‍රදීප් කුමාර නැමැති පතල් සේවකයයෙකු බෝගල පතල ඇතුළත දෝනාවකින් යමින් සිටියදී හදිසි අනතුරකින් මියගොස් ඇත.
මේ අතර මියගිය සේවකයාගේ යැපෙන්නන්ට රුපියල් ලක්ෂ තිහක රක්ෂණාවරණ මුදලක් ලබාදීමට බෝගල පතලේ පාලනාධිකාරිය තීරණය කර ඇත. එසේම ඔහුගේ මාසික වැටුප විශ්‍රාම වයස එළැඹෙන තෙක් බිරිඳට සහ දරුවන්ට ලබාදීමටත් සේවය සඳහා ලබාදී තිබූ පතල් නිල නිවාසය විශ්‍රාම වයස එළැඹෙන තෙක් යැපෙන්නන්ට ලබාදීමටත් පාලනාධිකාරිය තීරණය කර තිබේ.