බෝගල මිනිරන් පතලේ වැඩ පරීක්ෂකවරයෙකු ඊයේ (28දා) අනතුරකට ලක්වීමෙන් රෝහල් ගතකර ප්රතිකාර ගනිමින් සිටියදී අද (29දා) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පිංදෙණිය පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පතල් නිල නිවාසවල පදිංචිව සිටි ඊ.ඒ. ප්රදීප් කුමාර (අවු.43) නැමැත්තෙකි.
පතලේ සේවකයන් අභ්යත්තරයේ බෝරයක් දමා ඇති අතර, සේවකයන් සමග එම ස්ථානයේ සේවය කරමින් සිටි පරීක්ෂකවරයාගේ හිසට ගලක කොටසක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබිණි.
කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති ඔහු පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් පිංදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වසන්ත රෝහණ