පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව බෝගම්බර බන්ධනාගාරයේ උපවාසයේ නියැළී සිටි රැඳවියෝ තමන් නිරතව සිටි උපවාසය අවසන් කිරීමට තීරණය කළහ.
දිලුම් අමුණුගම, රොහාන් රත්වත්තේ ඇතුළු මන්ත්රීවරුන් මෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාද මෙම සාකච්ඡාවට සහභාගී වූහ. රැඳවියන්ගේ ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන්ගේ ගැටලුවට විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවීමත් සමග උපවාසය අත්හැර දැමීමට ඔවුන් එකඟ වී තිබේ.