වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ඇති බෝ ගසට නැගි, මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවාට එරෙහිව බන්ධනාගාර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට යොමුකරන බව එහි කොමසාරිස් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.
මෙම සැකකරුවා වැලිකඩ බන්ධනාගාරය තුළදී විනය විරෝධීව හැසිරීම නිසා වෙනත් බන්ධනාගාරයකට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු මෙසේ බෝ ගසට නැග විරෝධය පළකර තිබූ අතර, බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඔහු බිමට බස්සවන ලදී.
මේ අතර චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ මෙම සිදුවීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි බෝ ගස වන්දනා කිරීම තහනම් කර ඇතැයි පළවන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
සාමාන්‍ය පරිදි ඕනෑම සිරකරුවෙකුට එම බෝධිය වන්දනා කිරීමට අවස්ථාව තිබෙන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.