බොරතෙල් බැරලයක මිල ඩොලර් 35 දක්වා පහත බැස ඇති හෙයින් හැකි ඉක්මනින් ඉන්ධන මිල අඩුකර පාරිභෝගිකයාට සහන දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.
ඉන්ධන මින අඩුවීමේ සමස්ථ වාසිය ජනතාවට ලැබෙන හෙයින් පුද්ගලික ප්රතිලාභ ගැන නොසිතා ඉන්ධන මිල අඩුකර ගැනීමට සහාය දක්වන්නැයිද බස් හා වෘත්තීය සංගම්වලින් ඉල්ලා සිටින බවත් එම සංවිධානය සඳහන් කරයි.
ඊයේ (13දා) වන විට ඉන්ධන බැරලයක මිල ඩොලර් 35ක් ලෙස සටහන් වූ බවත් ඔවුහු පවසති.