විල්පත්තු ඇතුළු පරිසර හානිය වැලක්වීමට ත්රිවිධ හමුදාව යෙදවීමට ජනපති මෛත්රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බවත් ඒ පිළිබඳව සිය සංවිධානයේ ස්තූතිය පිරිනමන බවත් බොදුබල සේනා සංවිධානයේ ප්රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා ජනපතිවරයාට අද (23දා) ලිපියක් මගින් දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් ජනපතිවරයා සෑමවිටම දකුණේ ජාතීවාදීන්ට දොස් පැරරීම දුකක් බවද සංවිධානය සඳහන් කරයි. ඔහු යොමුකළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.
"ඔබ ඇතුළු රජය විසින් පදනම් විරහිතව ජාතීවාදීන් ලෙස නම් කර ඇති මෙම දකුණේ ජාතිවාදීන් සමග ඔබ ඇතුළු රජය සංවාදයකට නොයෑමේ විසංවාදයයි. එය ඔබ රජයේ දුර්වලතාවයකි. ඔබ ඇතුළු රජය විසින් පදනම් විරහිතව ජාතීවාදීන් ලෙස නම් කර මර්ධනය කිරීමට උත්සහා කරන අප විසින් කරන යෝජනා ඔබෙත්,රජයේත් පමණක් නොව රටෙත් පැවැත්ම උදෙසා අතිශය වැදගත් බව ඔබ ඇතුළු රජයට අවවාදාත්මකව දැනුම් දීමට කැමැත්තෙමු."