බොදුබල සේනා සංවිධානය හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර කිසිදු සම්බන්ධතාවක් නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ඊයේ (02)දා අවධාරණය කළේය.
ඕනෑම සංවිධානයකට මේ රට තුළ කටයුතු කිරීමේ නිදහස තිබෙන බවත් බොදුබල සේනා සංවිධානයටද එය අදාළ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා, තමා කිසිවිටෙක බොදුබල සේනා සංවිධානය හෙළා දකින්නේ නැතැයිද පවසා සිටියේය.
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
බොදුබල සේනා සංවිධානය හා ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ කරමින් අදහස් පළකරන පුද්ගලයන් නිරතුරුව යොදා ගත්තේ ගාල්ල පිලාන ප්‍රදේශයේදී 2013 වසරේ මාර්තු 09 දින 'මෙත්සෙවණ' භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී ගත් ඡායාරූප නිසා යැයි වනිගසූරිය මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා එම උත්සවයට සහභාගී වූයේ මෙරට ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වන කිරම විමලජෝති හිමියන්ගේ ආරාධනයකට බවත් රුහුණු විශ්වවිද්‍යලයේ කුලපති පල්ලත්තර සුමනජෝති හිමියන් පැමිණීම නිසා එය වැදගත් අවස්ථාවක් වූ බවත් බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය.