බේරේ වැව කේන්ද්‍රකර ගනිමින් ජලජ ප්‍රවාහන කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මහානගර බස්නාහිර සංවර්ධ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එමෙන්ම බේරේ වැව වටා සිටින පැල්පත්වාසීන්ට මෙම වසර තුළ නව නිවාස ලබාදීමට කටයුතු කරන බවත්, බේරේ වැව අවට ඉඩම් අක්කර 150ක් සංවර්ධනය කර නව වාණිජ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැංවීමට කඩිනමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ අද (08දා) මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක උප ව්‍යාපෘතියක් ලෙස මැකලම් පිවිසුම් උද්‍යානය ඉදිකෙරුණු අතර, එහි සැලසුම් දායකත්වය නාගරික සංවර්ධන අධිකාරිය මගින් සපයන ලදී.