බේරුවල නගර සභාවේ මාසික සභා වාරය අද (13දා) පෙරවරුවේ ආරම්භ වූ අවස්ථාවේ නගරසභා විපක්ෂ මන්ත්රීවරු කණ්ඩායම එම රැස්වීම නොපවත්වන ලෙසට විරෝධතා දැක්වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.
බේරුවල නගර සභාවේ මාසික රැස්වීම නියෝජ්යසභාපති සජිත් දේවප්රිය මහතා (සන්ධාන) ප්රධානත්වයෙන් ආරම්භ වීමට කටයුතු සකසා රැස්වීම ආරම්භවීමට නියමිත වුවත් දිගින් දිගටම නගරසභා විපක්ෂ නායක මසාහිම් මොහොමඞ් මහතා (එජාප) ප්රමුඛ විපක්ෂ මන්ත්රීවරුන් බාධා කිරීම හා උණුසුම් තත්ත්වයක් ඇතිවිය. බේරුවල පොලීසියද පැමිණ තත්ත්වය පාලනය කළ අතර මේ හේතුවෙන් සභා වාරය නොපැවැත්වීය.
ඒ. ඒකනායක