හම්බන්තොට බෙලිඅත්තේ සිට කතරගම දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ ඉඳිකිරීම් දැනට නතර කර ඇති බව මාතර කතරගම දුම්රිය මාර්ග ව්යාඉපෘතියේ තාක්ෂණ නිළධාරී වයි .කේ සමරජීව මහතා හම්බන්තොට දිස්ත්රි ක් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී (21) කීය. දුම්රිය මාර්ගය ඉඳිකිරීමට යෝජිත ප්රරදේශවල කෘෂිකාර්මික හා වෙනත් ඉඳිකිරීම් සම්බන්දව අත් හිටුවා ඇති හෙයින් ගොවින්ට සිදු වී ඇති අපහසුතාවයන් සම්බන්දව දැනුවත් කිරීම සඳහා දිස්ත්රිසක් කෘෂිකර්ම කමිටුවට අදාළ නිළධාරීයා කැඳවා තිබිණි. එහි දී සමරජීව මහතා කියා සිටියේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉඳිකිරිම් දැනට කරගෙන යන බවත්, බෙලිඅත්ත සිට කරගම දක්වා මාර්ගය දැනට සැලසුම් ක්රි යාත්මක නොවන හෙයින් කෘෂිකාර්මික කටයුතු හා වෙනත් ඉඳිකිරීම් ගැටළුවකික් තොරව කරගෙන යැමට හැකි බවයි.මෙහි දී ගොවි නියෝජිතයින් අසා සිටියේ දුම්රිය මාර්ගය කවදාවත් ඉඳිකරන්නේ නැද්ද කියාය. එය තවම ක්රිරයාත්මක වන සදහන් කල නොහැකි බවයි. බෙලිඅත්තේ සිට අම්බලන්තොට හරහා කතරගමට එක් සැලසුමක් තිබූ බවද, බෙලිඅත්තේ සිට මත්තලගුවන්තොටුපල හරහා තවත් සැලසුමක් තිබූ බව සමරජීව මහතා කීය. මේ මාර්ග දෙකම හඳුනාගෙන තිබූ අතර මෙම ප්රගදේශ වල ගොවි මහතුන් ගැළුවලට මුහුණ මුහුණ පා සිටි බව ද සඳහන් විය. මෙම සැලසුම් ක්රිුයාත්මක කිරීම කෙරෙහි තවම අවදානය යොමු වී නැති හෙයින් ගැටළුවකින් තොරව අදාළ කර්මාන්ත කරගෙන යන ලෙසට ගොවින්ට දැන්විය. මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝමීටර් 26ක දුම්රිය මාර්ගයේ වැඩ දැනට කරගෙන යන බවද සඳහන් කලේය.
රාහුල් සමන්ත හෙට්ටිඅරච්චි -