මීගලෑව, ලස්සනගම ප්ර දේශයේ විහාරස්ථානයක බුදු පිළිමයක් හා මැණික් ගල් කොල්ලකෑමට ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (24දා) රාත්රී 9.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇත. යතුරුපැදියකින් කොල්ලකරුවන් විහාරස්ථානය වෙත පැමිණ අතර පොලීසියට ලැබුණ තොරතුරක් අනුව වහාම ක්රියාත්මක වූ පොලීසිය යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමට කටයුතු කටයුතු කර තිබේ.
එහිදී සැකකරුවන් පොලීසියට වෙඩි තබා ඇති අතර පොලීසිය එල්ල කළ ප්රතිප්රහාර හමුවේ සැකකරුවන් දෙදෙනා තුවාල ලබා ඇත. එහිදී තුවාල ලැබූ එක් සැකකරුවෙකු මීගලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
අනෙක් සැකකරු වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇත. සැකකරුවන් සන්තකයේ තිබී ටී. 56 ගිනි අවියක්, බ්රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා ජීව අත්බෝම්බයක් සොයාගත් බව පොලීසිය පවසයි.