ශ්‍රී ලංකාව තුළදී තමන් ඉතාමත් නපුරු අත්දැකීමකට මුහුණ දුන් බව බ්‍රිතාන්‍ය හෙද සේවිකාවක වන නයෝමි කෝල්මන් සඳහන් කරයි. මෙම හෙද සේවිකාව පසුගිය සඳුදා දිනයේදී සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඇයගේ දකුණු අතේ බුදුරජාණන් වහන්සේගේ පච්චයක් ඇඳ තිබුණු හෙයින් ඇය ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරනු ලැබීය.
ඉන්දියාවේ සිට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මෙම කාන්තාව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට පත්විය.
එසේම ඒ.එෆ්.පී. පුවත් සේවයට අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණේ තමන් බුදුන් වහන්සේව අනුගමනය කරන බැවිනුත්, භාවනා ක්‍රම අනුගමනය කරන බැවිනුත් බුදුන්ගේ රුවක් අතේ ඇඳගත් බවය.
“මම බුදුදහමට අගෞරව කරන්නේ නෑ. මම මීට පෙරත් තායිලන්තයට හා කාම්බෝජයට සංචාරය කළා. ඒත් එහිදී මට මෙවැනි ගැටලුවකට මුහුණදීමට සිදු වුණේ නැහැ. මේ අවස්ථාවට මුහුණ දුන්නාම මම ගොඩක් බය වුණා. ඇඩුවා” යැයි ඇය පැවසුවාය.
එසේම මේ සම්බන්ධයෙන් තමන් නීතිඥවරයෙකුට ඩොලර් 38කමුදලක් (රුපියල් 5000ක් පමණ) ගෙවූබවත් ඔහු තමන්ට උදව් නොකළ බවත් ඇය සඳහන් කළාය.
ඒ.එෆ්.පී. ඇසුරෙනි