බුද්ධශාසන අමාත්‍ය ධුරයෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඉවත්කර ඒ සඳහා වෙනත් ක්‍රියාකාරී පුද්ගලයෙකු පත්කරන්නැයි මහනායක හිමිවරුන් මාර්ගයෙන් ජනාධිපතිවරයාට බලකරන ප්‍රකාශයක් ලබාගැනීමට රාවණා බලය සංවිධානය කටයුතු කරගෙන යයි.මේ ගැන සාකච්ඡා කිරීමට මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් අද (05දා) දින මුණගැසීමට එම සංවිධානය තීරණය කර තිබේ. රාවනා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේ දැනට බුද්ධශාසන අමාත්‍යාංශය සිදුකරන කටයුතු නිසා පන්සල්වලට වන හානිය වැඩි බැවින් වහාම මේ සඳහා මැදිහත්වන්නැයි මහනායක නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.