බීමත්ව රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24දා) සිට ජනවාරි 05 වැනිදා දක්වා රට පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
උත්සව සමයේදී සිදුවන රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ බීමත්ව රිය පැදවීම නිසා නත්තල් උත්සව සමය සහ වර්ෂ අවසාන සැණකෙළි සැලකිල්ලට ගනිමින් මෙම මෙහෙයුම දියත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
බීමත්ව රිය පදවා පොලීසියට හසුවන සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.