වෙළකුඹුර, අම්බලන්ගොඩ ලිපිනයේ කුඩා දරුවෙකු පොළොවේ ගසා ඝාතනය කිරීම පිළිබඳව වූ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර 22 හැවිරිදි ඥාති දියණිය අද දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන කහතුඩුව පොලීසිය පවසයි.
ඉහත ලිපිනයේ බිරිඳ හා ස්වාමි පුරුෂයා පදිංචිව සිට ඇති අතර, එම අයවලුන්ට දින 18ක් වයසැති පිරිමි දරුවෙකු සිට ඇත. මෙම දරුවා බැලීම සඳහා ස්වාමි පුරුෂයාගේ ඡාතියෙකුගේ දියණියක් මෙම නිවසට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදි දරුවා හා මව පමණක් නිවසේ සිට ඇත. නිවසට පැමිණි තැනැත්තිය දරුවාට නූලක් බැඳීමට අවශ්‍ය බව පවසා දරුවා ඉල්ලා ඇති අතර, මව විසින් දරුවා නොදීම හේතුවෙන් මවගෙන් දරුවා උදුරාගෙන දරුවා පොළොවේ ගසා ඇති බව පොලීසිය පවසයි. දරුවා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
සැකකාරිය වයස අවුරුදු 22ක් වන තැන්නේකුඹුර පහළ කොටස, නමුණුකුල ලිපිනයේ පදිංචි තැනැත්තියක් බවත්, සැකකාරිය අද (06දා) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බවද පැවසෙයි.