විශේෂ ප්‍රභූවරුන්ගේ (VVIP) ආරක්ෂාව සඳහා අධි ආරක්ෂිත රථ මිලදී ගැනීමට වැය කළ රුපියල් මිලියන 206 ක මුදල ඇතුළු රුපියල් බිලියන 5ක් ලබාගැනීම සඳහා රජය ඊයේ (08දා) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය.
මෙකී අධි ආරක්ෂිත රථ මිලදී ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් මිලියන 206 ක් වැය කොට ඇත.
මීට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ දිවි නැගුම ව්‍යාපෘතියට අදාළව වැය කළ රුපියල් බිලියන දෙක පියවීමද, 2014 දැයට කිරුළ වැඩසටහන යටතේ වැය කළ රුපියල් බිලියන 1.3 ක වියදම පියවීමද මින් බලාපොරොත්තු වේ.