බියර් මිල යළිත් වැඩි වේවි
බියර් මිල අඩුකිරීමට අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනාව වෙනස්වීමට ඉඩ තිබෙන බව රජයේ කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ සම්බන්ධව වෛද්‍ය සංගම් ඇතුළු විවිධ පාර්ශ්ව විරෝධය පළ කර තිබෙන බැවින් ඒ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ දීර්ඝව සාකච්ඡා කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22දා) පැවැති රජයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ අයවැය තුන්වැනි වර කියවා සම්මත කරන අවස්ථාව වනවිට බියර් මිල යළිත් වැඩිවීමට ඉඩ ඇති බවයි.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල අනුව බියර් මිල අඩුකර ඇතැයි අයවැය මගින් ප්‍රකාශ වුවද එක්තරා මහාචාර්යවරයෙකු විසින් පෞද්ගලිකව ලබාදුන් වාර්තාවක් අනුව එම තීරණය ගෙන ඇති බවත්, ලෝකයේ කිසිම රටක බියර් මිල අඩු කළ විට සැර මත්පැන් පරිභෝජනය අඩුවීමක් සිදුව නැති බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


