බියර් බද්ද අඩුකළාට ජනපතිගේ අප්‍රසාදය
කෑන් බියර් බද්ද මෙවර අයවැයෙන් ලීටරයකට රුපියල් 100කින් අඩුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා ඇතිවරුන් කිහිපදෙනෙකුගෙන් එකඟතාවක් පළ වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය අනුමත කර ගැනිම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (09දා) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ද තවත් ඇමැතිවරුන් කිහිප දෙනෙකුද බියර් බද්ද අඩුකිරීමට තම් එකඟ නොවන බව ප්‍රකාශ කර ඇතැයිද එම ආරංචි මාර්ග වලින් පවසයි.
එම ඇමතිවරුන් අතර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ද සිටි බව දැනගන්නට තිබේ. ඔවුන් කැබිනට් රැස්විමේදි මෙම තීරණය දැඩි ලෙස විවේචනය කර ඇත.
නීතිවිරෝධී මත්පැන් බොන පුද්ගලයින් ඉන් මුදා ගැනීමට බියර් වැනි සැහැල්ලු මත්පැන් වර්ගවල මිල අඩුකළ යුතු බව මුදල් ඇමති මංගල සමරවීර මෙහිදී ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් එය ප්‍රායෝගික නොවන බව අමාත්‍යවරුන් දෙදෙනාගේ අදහස වී ඇත.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


