බිබිල ප්‍රදේශයේ ඉන්ෆුවන්සා (H1N1) වෛරස් උණ රෝගය ශීඝ්‍ර ලෙස පැතිර යමින් තිබෙන බව බිබිල මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී වයි.එම්. සුනිල් සෙනරත් යාපා මහතා පැවසීය.
මෙම රෝගය වැලඳුණු රෝගීන් තිස් දෙනෙකු පමණ සතියක් තුළදී සොයාගෙන ඔවුන්ව වෙනම වාට්ටුවක රඳවා ප්‍රතිකාර ලබාදෙන බව වෛද්‍ය අධිකාරිවරයා ප්‍රකාශ කර සිටියි.
මෙසේ ප්‍රතිකාර ලබන රෝගීන් අතර ගර්භනී මව්වරුන් සිවුදෙනෙකු සිටින අතර මෙම වෛරස් උණ රෝගය ශීඝ්‍ර ලෙස පැතිරී යා හැකි නිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන් ප්‍රදේශයේ වෙනත් රෝහල් වලට මාරුකර යවා ඇත.
තවද රෝගය පැතිරීයාම වැළැක්වීමට නේවාසික රෝගීන්ට මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අයට මුඛ ආවරණ ලබාදීමටත්, රෝගීන් බැලීමට එන අය සීමා කිරීමටත් පියවර ගෙන තිබේ. මේ අතර පෝස්ටර් බැනර් අත්පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරීමටත් රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටියි.
මේ නිසා බිබිල ප්‍රදේශයේ පදිංචි ජනතාවට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය, උණ ගතිය ඇති වුවහොත් ළඟම ඇති රජයේ රෝහලකට ගොස් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙස වෛද්‍ය අධිකාරි සුනිල් සෙනරත් යාපා මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.