බෑග් හැඬලයේ හත් ලක්ෂයක රන්
- 23 06 2015
- 09:27
- {{hitsCtrl.values.hits}} views
- අකිත විජේසිංහ
රුපියල් හත් ලක්ෂ අසූ අට දහස් නමසීයක් වටිනා රන් කූරු හතරක් බෑග් හැඬලයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (23දා) අලුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. අත් අඩංගුවට ගනු ලැබු රන් කූරු වල බර ග්‍රෑම් 157.78 කි.ඇය මෙම රන් කුරූ බෑග් හැඬලය තුළ සගවාගෙන එම හැඬලයෙන් බෑගය ඇදගෙන ආ බව රේගුව කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
