මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිවුදෙනා ලබන 7දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (05දා) නියෝග කළේය.
හිටපු අමාත්‍යවරයාට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැගුම අධ්යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන සැකකරුවන් මෙසේ රිමාන්ඩ් කරනු ලැබීය. සැකකරුවන් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ රඳවා තබන ලෙස කළ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.